HomeNew Zealand News

National පක්ෂ රජයක් යටතේ හෙද හා පවුල් සෞඛ්‍ය සේවයට වරප්‍රසාද.

නවසීලන්තයේ හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ උග්‍ර හිඟයක්.

National පක්ෂ රජයක් යටතේ හෙද හා පවුල් සෞඛ්‍ය සේවයට වරප්‍රසාද.

නවසීලන්ත විපක්ශයේ නායක මෙන්ම National පක්ෂ නායක Christopher Luxon, නවසීලන්තය පුරා දැඩි හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි හිඟයක් පවතින බව පෙන්වා දෙයි.

ඉන්දියාව කොවිඩ් උප ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්
සියදිවි නසා ගැනීම් පිළිබද මිත්‍යා මත හතක්
ගෙවී ගිය සතියේ නව Covid19 රෝගීන් 14,657ක්, තවත් මරණ 43ක්

නවසීලන්ත විපක්ශයේ නායක මෙන්ම National පක්ෂ නායක Christopher Luxon, නවසීලන්තය පුරා දැඩි හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි හිඟයක් පවතින බව පෙන්වා දෙයි. මේ සඳහා කළ යුතු හොඳම පිළියම වන්නේ හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතයේ පළමු වසර පහ නවසීලන්තය තුළම සේවය කිරීම වෙනුවෙන් ගිවිසුමකට පෙලඹවා ගැනීම බව ඔහු පවසා සිටී. මෙම උග්‍ර ශ්‍රම හිඟයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර පහ තුළ හෙදියන් 19000ක් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියෙන් ඉවත්ව යෑම යි.

නවසිලන්තය මේ වන විට මුහුණ දී ඇති උග්‍ර හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි හිඟයට අවශ්‍ය ප්‍රමාණවත් වෘත්තීමය සුදුසුකම් සැපිරූ නිලධාරීන් පුහුණු කොට නැත. පවතින රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ සේවය කරන හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කැපවීම සහ ඔවුන් ඇගයීම පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම මෙම තත්ත්වය උදාවීමට හේතුව ලෙස Luxon පෙන්වා දෙයි. 

ඔහු වැඩිදුරටත් පවසන පරිදි ඔවුන්ගේ රජයක් යටතේ හෙද ශිෂ්‍යයන්  හා පවුල් සෞඛ්‍ය සේවා සඳහා පැමිණෙන ශිෂ්‍යයන් වෙනුවෙන් විශේෂ ඉගෙනුම් ණය පහසුකම් සහ වැටුප් වර්ධක ලබාදීමට පියවර ගන්නා බවත් නවසීලන්තය තරගකාරී දක්ෂ වෘත්තිකයන්ට සේවයේ නියැලීමට සුදුසු වටපිටාවක් ගොඩනගමින් විදේශික වෘත්තිකයන්ට නවසීලන්තයට පැමිණ සේවය කිරීම සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට ද තමන්ගේ රජයක් යටතේ සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Nalaka Dasanayake

Share this:
error: Content is protected !!