නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමග පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 4කින් පරාජයට පත්කළේ තරගාවලියේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ජීවමාන
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමග පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 4කින් පරාජයට පත්කළේ තරගාවලියේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ජීවමානව තබාගනිමිනි. නවසීලන්තයේ ලකුණු 163ට පිළිතුරු ලෙස පාකිස්තානය කඩුලු 7කට ලකුණු 88ක් ලබාගෙන අසීරු තත්ත්වයක සිටි නමුත් ඉෆ්තිකාර් අහමඩ්ගේ ප්‍රවේගකාරී ලකුණු 60 ඔවුන්ව නැවත තරඟයට රැගෙන ආ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ අවසන් පන්දු 10ට ලකුණු 15ක් පමණි. කෙසේ වෙතත් ජිමී නීෂම්ගේ අවසන් පන්දුවාරයේදී දවාගත් කඩුලු 2ත් සමඟ බ්ලැක් කැප්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. තරග පහකින් සමන්විත තරගාවලියේ ඉතිරි තරග දෙක බ්‍රහස්පතින්දා සහ සඳුදා රාවල්පින්ඩි හිදී පැවැත්වේ.