HomeSports

නවසීලන්තය සමග පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන්ද පකිස්ථානයට ජය

නවසීලන්තය සමග පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන්ද පකිස්ථානයට ජය

ලාහෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 38කින් පරාජය කිරීමට පාකිස්තානය සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී

නවසීලන්තය විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂී වෙනසක්…
ඔබ සහ ඔබේ නිවස ගින්නෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?
නවසීලන්තවාසීන්ට අනවශ්‍ය නීති රීති වාර්තා කිරීමට නව වෙබ් අඩවියක්

ලාහෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 38කින් පරාජය කිරීමට පාකිස්තානය සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 192ක් රැස්කළ අතර, එහිදී බාබර් අසාම්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් ලකුණු 101ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.තවද බ්ලැක් කැප්ස් පන්දු යවන්නෝ අවසන් ඕවර හතරේදී ලකුණු 56ක් ලබා දුන්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 65ක් ලබා ගත්තද නවසීලන්ත කඩුලු එක පිට එක බිඳ වැටුණි. නවසීලන්ත නායක ටොම් ලේතම් පැවසුවේ පන්දු යවන්නන් දැඩි උත්සාහයක යෙදී සිටින බවත්, පන්දු යැවීමේ අංශය තුළ ඒ සියල්ල එකට එකතු කර ගත හැකි නම්, ඔවුන්ට ජයග්‍රහණය සඳහා හොඳ අවස්ථාවක් ලබා දෙන බවත්ය. තරග පහකින් සමන්විත තරගාවලිය මේ වන විට 2-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටී.

Share this:
error: Content is protected !!
×