HomeGeneral

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 10ක් අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 10ක් අහිමි වීමේ අවදානමක්

X-Press Pearl නෞකාවේ ගින්නට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරි දින 45 තුළ ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වන්දි ඉල්ලීමක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ හැකියාවක් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice - CEJ) පවසයි.

ශ්‍රී ලංකාවේ වැඩිවන අලි ගහනය හේතුවෙන් අලි ඇතුන් අපනයනයට සැරසේ …
ICC ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් වනිඳුට දැඩි අවවාද
ශ්‍රී ලංකාවේ නව විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කෙරේ

CEJ සිය නවතම වාර්තාවේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව, සිද්ධියෙන් වසර දෙකක් ඇතුළත එනම් 2023 මැයි 29 වැනි දින තුළ වන්දි ඉල්ලීමක් ගොනු කළ යුතු බවයි. මේ වන විට සමුද්‍ර පරිසරයට සිදුවන හානිය සහ ශ්‍රී ලංකාවට සිදුවන විවිධ බලපෑම් සඳහා වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් ඉල්ලා තිබෙනවා. නීති උපදෙස් මත පදනම්ව වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය පූර්වාදර්ශ ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් මේ වන විට කැබිනට් මණ්ඩලය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව එක්ව සිංගප්පූරුවේ නීතිමය කටයුතු සිදුකිරීමට තීරණය කර ඇත්තේ අවිනිශ්චිත බවක් ඇති කරමින් බව CEJ පෙන්වා දෙයි.

එම ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විසින් රජයට උපදෙස් දී ඇති බව වාර්තා වන බව පැවසූ CEJ ප්‍රකාශ කළේ සිංගප්පූරු බලධාරීන් අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා දැනටමත් සූදානම් වෙමින් සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන දෙදෙනාම තත්ත්වය දන්නා බවත්ය. මෙම ප්‍රයත්නය සඳහා අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 4.5 ක් ණයට ගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇති බව CEJ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් නියමිත කාල සීමාවට පෙර වන්දි ඉල්ලීමක් ගොනු කිරීමට අපොහොසත් වීම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අසාර්ථක වීමක් බව CEJ වැඩිදුරටත් පැවසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×