HomeSri Lanka

කිවියන් පරදා සුපිරි පන්දුවාරයේදී ජයගත් සිංහයෝ

කිවියන් පරදා සුපිරි පන්දුවාරයේදී ජයගත් සිංහයෝ

අද (02) දිනයේ ඕක්ලන්ඩ් - ඊඩ්න් පාර්ක් හි පැවැති විස්සයි 20 පළමු තරඟයේ මුලින්ම කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකාව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට
දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල
ආසියානු කුසලාන සුපිරි 4 කොළඹින් ඉවතට?

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා නොදැවී ලකුණු 53 ක්, චරිත් අසලංක ලකුණු 67 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් හා වනිදු හසරංග නොදැවී ලකුණු 21 ලබා ගත්තා. ඒ අනුව පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නවසීලන්ත කණ්ඩායම පිටියට පිවිසි අතර ඩැරල් මිචෙල් ලකුණු 66ක්ද, මාර්ක් චැප්මන් ලකුණු 33ක් නායක ටොම් ටොම් ලේතම් ලකුණු 27ක් සමග පන්දුවාර 20 අවසන් වන විට ලකුණු 196 ලබා ගනිමින් කණ්ඩායම් සම තත්වයට ඒම හේතුවෙන් තරඟයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කළා.

සුපිරි පන්දු වාරයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් ලබාගත් අතර එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේ තුන් වන පන්දුවෙන් සිය ජයග්‍රාහක ඉලක්කය කරා යාමට සමත් වුණා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×