HomeGeneral

ශ්‍රී ලංකාවේ මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

2022 වසරට සාපේක්ෂව මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් මේ වන විට ලක්ෂ 3 ඉක්මවා ඇති අතර එය 2022 වසරේදී 285,334 බවට වාර්තාවී ඇත.

වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි
ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් සඳහා රැකියා අවස්ථා
නවසීලන්ත හිටපු අගමැතිනි Jacinda Ardern විවාහයට සැරසෙයි…

ඒ අනුව 2022/2023 ජනවාරි මස අවසන් වන විට 24.6% ක පෙබරවාරි මාසය අවසන් වන විට එය 11.5%ක සංචාරකයින් පැමිණීමක් පෙන්නුම් කරයි. එය අගයන් ලෙස ගත් විට 2023 ජනවාරි මස අවසන් වන විට 102,545ද, පෙබරවාරි අවසන් වන විට 107,639 සහ මාර්තු මස 26 දින වන විට 105,714 ලෙස ද සංචාරකයන් පැමිණීම SLTDA මගින් ගණනය කර ඇත.

එමෙන්ම මාර්තු මස පැමිණි සංචාරකයන් ගෙන් වැඩිම පිරිස රුසියාවෙන් වන අතර එය 22,038කි. ඊට අමතරව පිළිවෙලින් ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඇමරිකා එකසත් ජනපදය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉරානය සහ චීනය වැඩි සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් ලෙස දැක්විය හැකිය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×