HomeNewsNew Zealand News

ලොව වයස්ගතම සුමාත්‍රාන් ව්‍යාඝ්‍රයා හැමිල්ටන් හිදී දිවියෙන් සමුගනී

ලොව වයස්ගතම සුමාත්‍රාන් ව්‍යාඝ්‍රයා හැමිල්ටන් හිදී දිවියෙන් සමුගනී

ලොව වයස්ගතම සුමාත්‍රාන් ව්‍යාඝ්‍රයා නවසීලන්තයේ හැමිල්ටන් හී සත්වෝද්‍යානයේ දී ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

නවසීලන්ත නිවාඩුවේ මාර්ග අනතුරු ඉහළ යන විට AA වෙතින් හෙලිදරව්වක්…
නවසීලන්තයේ 2024 දේශපාලනය: වෙනස්කම් සහ ආන්දෝලනාත්මක වසරක්
නවසීලන්තය කෘතිම බුද්ධිය සම්බන්ධ Bletchley ප්‍රකාශනයට එක්වෙයි

Mencari ලෙස හඳුන්වන මෙම ව්‍යාඝ්‍රයා 2000 වසරේ දී වෙලින්ටන් හී සත්වෝද්‍යානයේ දී උපත ලබා තිබුණා.

මෙම ව්‍යාඝ්‍රයා මිය යන විට අවුරුදු 23ක් වූ අතර එය ව්‍යාඝ්‍රයෙකුගේ දිවියේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙසද සලකනු ලබනවා.

පසුගිය කාලය පුරාවටම Mencari තරමක් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුව සිටි බවත්, ව්‍යාඝ්‍රයාගේ සෞඛ්‍ය පිරිහීම නිසා වේදනාවෙන් පසුවෙමින් සිටි බවයි සත්වෝද්‍යාන නිලධාරීන් පවසා සිටියේ.

ඒ හේතුවෙන් ව්‍යාඝ්‍රයාගේ ජීවිතය පිළිබඳව අවසන් තීරණයක් දැඩි කනගාටුවෙන් වූවද ගැනීමට සිදුවූ බවත් නිලධාරීන් පවසා තිබුණා. ඒ අනුව අද (28) උදෑසන Mencari ගේ ජීවිතය අවසන් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.

සුමාත්‍රාන් ව්‍යාඝ්‍රයන් ලොව වැඩිම තර්ජනයකට මුහුණ දී සිටින ව්‍යාඝ්‍රයන් කාණ්ඩයක් ලෙස සැලකෙන අතර ලොව පුරාවටම ව්‍යාඝ්‍රයන් 400කට අඩු ප්‍රමාණයක් ජීවත් වන බවටත් අනුමාන කර තිබෙනවා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×