HomeNewsSri Lankan News

Asia Pacific ICT Alliance (APICTA) සම්මාන ලාභීන්ට අගමැතිතුමියගෙන් ප්‍රශංසා

Asia Pacific ICT Alliance (APICTA) සම්මාන ලාභීන්ට අගමැතිතුමියගෙන් ප්‍රශංසා

2024 දෙසැම්බර් 4 සිට 7 දක්වා Brunei Darussalam හි පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත

චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී
සෞදි අරාබි තානාපති සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
ගොඩනැගෙමින් පවතින කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

2024 දෙසැම්බර් 4 සිට 7 දක්වා Brunei Darussalam හි පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත.

මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් ලබා තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා මෙම ජයග්‍රහණය ලබාගත් සිසුන් අද (27) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  හමුවිය.

එහිදී සිසුන් තාක්ෂණික නවෝත්පාදනය සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රශංසාව පල කළාය.

ESOFT Metro Campus සත්කාරකයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය සමඟ එක්ව FITIS විසින් සංවිධානය කරන ලද තරුණ පරිගණක විද්‍යාඥ (YCS) තරගය හරහා මෙම දරුවන් දස්කම් දැක්විය.

ඔවුන්ගේ සම්මානලාභී ව්‍යාපෘති මගින් AI බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති කාර්යක්ෂමතාව, ස්මාර්ට් වාරිමාර්ග සහ අඩු පිරිවිතර උපාංග සඳහා ප්‍රශස්ත ක්‍රීඩා අත්දැකීම්, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සමඟ සැබෑ ලෝකයේ අභියෝගවලට විසඳුම් ලබා දෙන්නක් විය.

FITIS හි සභාපති ඉන්දික ද සොයිසා සිසුන්ගේ ජයග්‍රහණ පිළිබඳව සිය අභිමානය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාව තාක්‍ෂණික විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා තරුණ කුසලතා පෝෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.  රටේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය හඳුනා ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණයින් සවිබල ගැන්වීම සඳහා රජය දක්වන කැපවීම අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය මෙහිදී  අවධාරණය කළාය.

APICTA 2024 හි ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය එහි තරුණ නවෝත්පාදකයින්ගේ විශිෂ්ටත්වය අගයනවා සේම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ගෝලීය පිළිගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Share this:
error: Content is protected !!
×