HomeNew Zealand

නවසීලන්තයේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

නවසීලන්තයේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව  ඉහළ යයි

නව දත්ත අනුව නවසීලන්තය පුරා දියවැඩියා රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. වසර තුනක කාලයක් තුළ නව රෝගීන් 95,700ක් හඳුනාගෙන ඇති අතර, මුළු රෝගී

පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීමට නවසීලන්ත රජය දෙවන ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි
විරෝධතාකරුවන් පිරිසක් Auckland අධිවේගී මාර්ගයට කඩා වදී
මිලියන ගනනක් වටිනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොගයක් නවසීලන්තයේදී අත්අඩංගුවට

නව දත්ත අනුව නවසීලන්තය පුරා දියවැඩියා රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. වසර තුනක කාලයක් තුළ නව රෝගීන් 95,700ක් හඳුනාගෙන ඇති අතර, මුළු රෝගීන් සංඛ්‍යාව 324,000 දක්වා ඉහළ ගොස් ඇත.

Diabetes New Zealand ආයතනය මෙම ප්‍රවණතාවය “වසංගතයක්” ලෙස හඳුන්වන අතර, විශේෂයෙන් පැසිෆික් දූපත් ප්‍රජාව,ඉන්දියානු ප්‍රජාව,මාවොරි ප්‍රජාව මීට ගොදුරු වී ඇත

ප්‍රධාන විධායක නිලධාරී Heather Verry පෙන්වා දෙන්නේ:

  • ආහාර රටාව
  • ජීවන රටාව
  • ස්ථූලතාවය වැනි සාධක මීට බලපා ඇති බව
  • රජයේ සහාය අවශ්‍ය බවත්ය.

සෞඛ්‍ය අමාත්‍ය Shane Reti අවදානම් සාධක ඉලක්ක කරගත් පවතින උපාය මාර්ග අවධාරණය කරන නමුත්, සීනි බද්දක් දැනට සලකා නොබලන බව පවසයි.

Share this:
error: Content is protected !!
×