ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර - දකුණ, නැගෙනහිර - බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර – දකුණ, නැගෙනහිර – බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු බවත් අතීතයේ සිදුවූ සිදුවීම් අමතක කොට සිංහල, මුස්ලිම්,දෙමළ සියලු ජාතින් එකාමෙන් රටේ අනාගතය තරුණ පරපුරට බාරදීමේ වැඩපිළිවලට එක්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ 2024.01.20 දින පැවති එක්සත් ජනරජ පෙරමුණේ නැගෙනහිර පළාත්, මඩකලපු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
මේ අවස්ථාව සංවිධානය කරන ලද්දේ එන්.එම්.එම්.මර්සූක් මහතාගේ ප්‍රධානත්වයෙන් සී.එම්.එම් ෆාරිස්, එන්.එම්.එම්. ෆයාස්, එම්.එම්.එම්. මුසම්මිල්, ආර්. ජෙගනාදන්, ආර්.එම්.තානීශ්, ටී.එම්. තාහ්සීන්, යූ.එල්. ජිෆ්‍රි, ෆාතිමා සජීනා යන මහත්ම මහත්මීන් විසින් වන අතර සම්බන්ධීකරණ කටයුතු තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් සිදුකරන ලදී.

එහිදී එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2007 වර්ෂයේදී යුද ගැටුම් පවතින අවස්ථාවේදී පවා එවක හිටපු පරිසර අමාත්‍යවරයා ලෙස මඩකලපුව පරිසර උද්‍යානයක් වෙරළ අශ්‍රිතව විවෘත කොට ඇති බවත් යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව 2010 වසරේදී විදුලිබල අමාත්‍යවරයා ලෙස වාලච්චේන, මඩකලපුව, සමන්තුරේ සෑම ප්‍රදේශයකම විදුලි කාර්යාල ඉදි කොට සීයට සීයක් අම්පාර, මඩකලපුව, දිස්ත්‍රික්ක සඳහා විදුලිය ලබාදීමට හැකිවීම පිළිබඳව අද ඒ මහතා සතුටට පත්වන බවත් නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මඩකලපුව නව බස් නැවතුම්පොළ ඉදිකොට ජනතා අයිතියට ලබා දීමත් සිහිපත් කරන ලදී. එමෙන්ම නගර මධ්‍යයේ නව නගර ශාලාවක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කලද පසුව පැමිණි රජයන් එය නවතා දැමීම පිළිබඳව කණගාටු වන බවත් ඒ සමඟම ඇරඹි යාපනය යාපනය නගර ශාලාව මේ වනවිට වැඩකටයුතු නිමවීමටත් අසන්න බව පවසා සිටියේය.