HomeGeneral

ජනපති රනිල් වික්‍රමසිංහ සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක්

ජනපති රනිල් වික්‍රමසිංහ සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක්

යාපනයේ අවම පහසුකම්වත් නැති පාසල් 100ක් ඉදිරි මාස 06දී සංවර්ධනයට පියවර

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ජනපති රනිල් හමුව …
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ නවක වදය තහනම් කිරීමට රජය සූදානම්
ඇෆ්ගනිස්තානයට එරෙහි පළමු එක්දින තරඟයේදී චරිත් අසලංක ගේ අද්විතීය පිතිහරඹය

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ යාපනයේ දී සිදුවිය.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජය තුළ පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බව ද අරුන් සිද්ධාර්ථ් මහතා පැවසූ අතර ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.

කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදහන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදහන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි.

ඒ සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයෙකු සමඟ විවාදයකටද තමන් සූදානම් බවත් ඔවුන් අතුරුදහන් වූවන් යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටින බවත් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය ජනතාව මුහුණ දී සිටින එහෙත් කතා බහට ලක් නොවන ගැටළු කිහිපයක් ඇතුළත් ලිපියක් ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-07

Share this:
error: Content is protected !!
×