HomeNewsSri Lankan News

රෙක්ස් දිවි ගමනින් සමු ගනී

රෙක්ස් දිවි ගමනින් සමු ගනී

ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා

Auckland හි ඓතිහාසික ශාන්ත ජේම්ස් රඟහල ප්‍රතිසංස්කරණයට සැරසෙයි…
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී
ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලබයි

ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසික හදවතේ රැදී සිටි චරිතයක් බව නොරහසක්. දිවි ගමන නිමකරන විට ඔහු 85වන වියෙහි පසුවූවා.

චිත්‍රපට 130 කට අධික සංඛ්‍යාවක දුෂ්ටයා ලෙස රඟපාමින් සහ තමාගේම චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන කොඩිප්පිලි මහතා චිත්‍රපට කර්මාන්තයට කළ දායකත්වය වෙනුවෙන් 2019 දී ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 1971 දී “කතුරු මුවත්” චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කළ ඔහු “මුවන් පැලැස්සේ” “කදිර”, “රක්තා” හි “දනු”, “සාගරිකා” හි “රත්නෙ අයියා”, “කොටි වලිගය” හි “සාජන්ට් සිල්වා” වැනි චරිත හේතුවෙන් ප්‍රසිද්ධියට පත් විය.

Share this:
error: Content is protected !!
×