HomeWorld News

Friends ටෙලිකතා මාලාවේ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි.

Friends ටෙලිකතා මාලාවේ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි.

90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘Friends’ ටෙලිකතා මාලාවේ චැන්ඩ්ලර් බිං(ග්) චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත

නවසීලන්තයේ ලාබාලතම නගරාධිපතිවරයාට ඉල්ලා අස්වීමට කැඳවුම් කරයි
පෙට්‍රල් ත්‍රිරෝද රථ විද්‍යුත් රථ බවට පරිවර්තනය කිරීමට සැරසෙයි …
ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් සඳහා රැකියා අවස්ථා

90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘Friends’ ටෙලිකතා මාලාවේ චැන්ඩ්ලර් බිං(ග්) චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 54 වන වියේ පසු විය.

‘Friends’ ටෙලිකතා මාලාවේ අවසන් කතාංගය එක්සත් ජනපදයේ ප්‍රේක්ෂකයින් මිලියන 52.5ක් විසින් නරඹා ඇති අතර එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් විය. මෙම කතා මාලාව අදට ද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක් උසුලයි. නිව් යෝර්ක් හි ජීවත් වන තරුණ මිතුරන් හය දෙනකු ගැන කියැවෙන රූපවාහිනී කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ 1994 සිට 2004 දක්වා විකාශය විය.

ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් දිනූ රංගන ශිල්පියෙකු බවට පත් වූයේ, මෙම ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව හරහා ය.එහි රංගනය වෙනුවෙන් ඔහු 2002 වසරේදී ප්‍රයිම්ටයිම් එමී සම්මානය සඳහා ද නිර්දේශ විය.

ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව නිෂ්පාදනය කළ වෝනර් බ්‍රදර්ස් ටීවී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, “අපගේ ආදරණීය මිතුරා වන මැතිව් පෙරීගේ අභාවයෙන් අපි මහත් සේ කම්පනයට පත්ව සිටිමු” යනුවෙනි.

ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී ඔහු හමු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Share this:
error: Content is protected !!
×