HomeNewsSri Lankan News

ප්‍රවීණ නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ…

ප්‍රවීණ නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ…

ප්‍රවීණ නර්තන ශිල්පිනියක වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත ව

ශ්‍රී ලංකා – කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට
එලොන් මස්ක් තම සමාජ මාධ්‍ය වේදිකාව X විශාල සයිබර් ප්‍රහාරයකට ලක් වූ බව පවසයි
නවසීලන්ත මැති ඇමතිවරුන්ගේ වියදම් නිකුත් කෙරේ…

ප්‍රවීණ නර්තන ශිල්පිනියක වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

කලාසුරි, විශ්වකලා කීර්ති රාජිනී සෙල්වනායගම්, ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අද්විතීය ස්වරූපයේ ප්‍රචාරණය සහ පෝෂණය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ප්‍රසිද්ධ නර්තන ගුරුවරියකි. චාමර කලායතනය, එනම් 1975 පෙබරවාරි 5 වැනි දින කුඩා පන්ති කාමරයක් ලෙස ආරම්භ කරන ලද “රාජිනීගේ නැටුම් ඇකඩමිය” නැටුම් කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගෙන ඇත.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

Share this:
error: Content is protected !!
×