HomeNews

ඉන්දියාව සඳ තරණය කරයි.

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත විය.

ඉන්දියාව සඳ තරණය කරයි.

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත විය.

2024 වසරේ නිව්සීලන්තයේ කාලගුණික විශ්ලේෂණය: NIWA වාර්තාව
නවසීලන්ත නවතම මත විමසුමකින් හිප්කින්ස් ජනප්‍රියතා තරඟයේ ඉදිරියට පැමිණෙද්දී ලක්සන් ප්‍රතිඵල ගැන කතා කරයි…
පසුගිය වසරට වඩා නවසීලන්ත ජීවන වියදම 5.4% කින් ඉහළට…

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත විය.

‘වික්‍රම්’ ලෑන්ඩරය සඳමතුපිටට ගොඩබැස වූ වහාම “ඉන්දියාව දැන් සඳ මත” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිවේදනය කරනු ලැබීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකාවේ සිට බ්‍රික්ස් ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතර වීඩියෝ තාක්ෂණය හරහා මෙම අවස්ථාවට එක් විය.

ඉන්දීය විද්‍යාඥයින් දැන් බලාපොරොත්තු වන්නේ පෘථිවියට පින්තූර සහ දත්ත එවීම සඳහා රෝවරය මුදා හැරීමටයි.

මෙම මෙහෙයුමේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සහයක් විය හැකි මිදුනු ජලය සහිත අයිස් සෙවීම බව විද්‍යාඥයින් සඳහන් කළේය. සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව චන්ද්‍රයාන් – 3 යානය ගොඩබස්සවනු ලැබුවේ, රුසියාවේ ලූනා-25 යානය එම කලාපයටම ගොඩබැස්සවීමට යාමේදී සඳමතට කඩා වැටී දින කිහිපයකට පසුවය.

එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනය සඳෙහි සමකය ආසන්නයේ මෘදු ගොඩබෑමක් කර ඇත. නමුත් කිසිදු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක නැත. 2019 දී සිය චන්ද්‍රයාන්-2 මෙහෙයුම දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබෑමට ඉන්දියාව ගත් උත්සාහය අසාර්ථක වූ අතර එය සඳ මතුපිට ට කඩා වැටුණි. එබැවින් සියලු දෙනාගේ අවධානය දැන් චන්ද්‍රයාන්-3 වෙත යොමු වී යොමු විය.  

‘වික්‍රම්’ ලෙස හැඳින්වෙන ලෑන්ඩරය ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) නිර්මාතෘ වික්‍රම් සාරාබායිගේ නමින් නම් කර තිබේ. ප්‍රඥාව යන අරුත් දෙන සංස්කෘත වචනයක් වන ‘ප්‍රග්‍යාන්’ ලෙස නම් කළ කිලෝග්‍රෑම් 26 ක් බරැති රෝවරයක්ද ලෑන්ඩරය තුළ රැගෙන යන ලදි. චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වැනිදා ඉතිහාසගත විය.

Share this:
error: Content is protected !!
×