HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති 3වන එක්දින තරඟය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා  කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති 3වන එක්දින තරඟය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා  කණ්ඩායම සමත් වුනා.කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක

SL vs Ban අතර ලෝක කුසලාන තරගයේ ‘Timed Out’ මතභේදය…
ධාරානිපාත වැසි හේතුවෙන් හයිටියේ ජනතාව පීඩාවට පත්ව ඇත.
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති 3වන එක්දින තරඟය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා  කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක Hashmatulla Shahidi පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 22යි පන්දු 2 පමණක් යොමුකර තිබියදී ඇෆ්ගන් ක්‍රීඩකයින් සියළු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 116ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන්  Mohammad Nabi ලකුණු 23ක් ලබාගත් අතර Gubadin Naib ලකුණු 20 ක් ලබාගත්තා.

අනෙක් කිසිම ඇෆ්ගන් පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කරන්නට හැකිවූයේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දු යැවූ දුෂ්මන්ත චමීර කඩුලු 4ක්, වනිඳු හසරංග කඩුලු 3ක්, ලහිරු කුමාර කඩුලු 2ක් සහ මහීශ් තීක්ෂණ 1 කඩුල්ලක් බැගින් දවාගන්නා ලදී.

ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 84ක සම්බන්ධතාවයක් ගෙන ගිය අතර ලකුණු 51ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න එක්ව තරඟය ජයග්‍රගණය කරා රැගෙන ගියා. දිමුත් ලකුණු 56ක් සහ කුසල් ලකුණු 11ක් ලබා ගත්තා.

ඒ අනුව තරඟ 3කින් සමන්විත වන Nippon Paint තරඟාවලිය තරඟ 1ට 2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවා. තරඟාවලිය පැවැත්වුනේ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී.

Share this:
error: Content is protected !!