HomeNews

ඉන්දියාවේ, Odisha ප්‍රාන්තයේ දරුණු  දුම්රිය අනතුරක්.

Odisha ප්‍රාන්තයේ දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මියගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇත.

ඉන්දියාවේ, Odisha ප්‍රාන්තයේ දරුණු  දුම්රිය අනතුරක්.

ඉන්දියාවේ නැගෙනහිර Odisha ප්‍රාන්තයේ දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මියගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.Balaso

නවසීලන්ත විශ්වවිද්‍යාල පර්යේෂකයන් පිරිසක් විසින් වෛද්‍ය අපද්‍රව්‍ය මගින් ඉන්ධන නිපදවීමට ක්‍රමයක් සොයාගනි…
ගෙවී ගිය සතියේ නව Covid19 රෝගීන් 12,028 ක්, තවත් මරණ 59ක්
පසුගිය සතියේ නවසීලන්තයේ Covid-19 නව රෝගීන් 12,277 ක්, මරණ 30 ක්

ඉන්දියාවේ නැගෙනහිර Odisha ප්‍රාන්තයේ දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 207 දෙනෙකු මියගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

Balasore දිස්ත්‍රික්කයේ ගිලන්රථ 200 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යවා ඇති බව Odisha ප්‍රධාන ලේකම් Pradeep Jena පවසයි.

සිකුරාදා, යාබද දුම්රිය මාර්ගයේදී දුම්රියක් ගැටීමට පෙර, එක් මගී දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇතැයි සැලකේ.

එය මේ සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරයි. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීහු පවසති.

ඒ අනුව ඉන්දීය දුම්රිය සේවය පැවසුවේ Coromandel Express සහ Howrah Superfast Express මෙම අනතුරට පත්වූ සේවා දෙක බවයි.

මේ වන විට මළ සිරුරු 207 ක් ගොඩ ගෙන ඇති බව ඔඩිෂා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Sudhanshu Sarangi පවසයි.

තවද ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ප්‍රකාශ කළේ මෙම සිදුවීමෙන් තමා දැඩි ශෝකයට පත් වූ බවයි.

අනතුර සිදුවූ ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර විපතට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

Shalimar-Chennai Coromandel Express වෙතින් මැදිරි කිහිපයක් දේශීය වේලාවෙන් 19:00 ට (GMT 13:30) පීලි පැන ඇති බව විශ්වාස කෙරේ, සමහර ඒවා ප්‍රතිවිරුද්ධ මාර්ගයේ අවසන් විය.

අනෙක් දුම්රිය Yesvantpur සිට Howrah දක්වා ගමන් කරන Howrah Superfast Express පෙරළුණු මැදිරිවල ගැටෙන්නට ඇතැයි සැලකේ.

Share this:
error: Content is protected !!