HomeGeneral

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් Savona තරඟයෙන් දෙවන ස්ථානයට

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් Savona තරඟයෙන් දෙවන ස්ථානයට

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන් ඉතාලියේ International Meeting Citta' Di Savona 2023 හිදී පැවැති පිරිමි මීටර් 100 අවසන් තරඟය තත්පර 10.01කින් නිමා කරමින් දෙවැනි ස්ථානයට පත්විය.

මත්ද්‍රව්‍ය ගලා ඒම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරිය ස්ථාපිත කිරීමට යෝජනාවක්
ශ්‍රී ලංකා රජයේ රෝහල්වල දිනෙන් දින අඩපනවන MRI සහ CT සේවාවන්
පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර …

2022 ජුනි මාසයේදී ඔහු තත්පර 10 ට අඩු මීටර් 100 ධාවන තරඟයක් ධාවනය කළ පළමු දකුණු ආසියාවේ ක්‍රීඩකයා බවට පත්විය. යුපුන් තත්පර 9.96ක් කාලයක් ගතකර දකුණු ආසියාවේ මෙතෙක් වාර්තා කළ වේගවත්ම කාලය, ආසියානුවකු විසින් හතරවැනි වේගවත්ම කාලය වාර්තා කලේය. තත්පර 10 ධාවනය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර ඇත්තේ ලෝකයේ රටවල් 32ක් පමණි. ඉතිහාසයේ මෙතෙක් එසේ කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින්නේ 170ක් පමණි.

2022 ජූලි මාසයේදී ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඓතිහාසික ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. වසර 24කට පසු ශ්‍රී ලංකාව ලබාගත් මලල ක්‍රීඩා පළමු පදක්කම මෙයවේ. 2022 සැප්තැම්බර් මාසයේදී ඔහු ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයට තරඟ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් පස්වන ස්ථානයට පත්විය.

Share this:
error: Content is protected !!
×