HomeNewsNew Zealand News

ඕක්ලන්ඩ් හි උසස් පාසලකට සම්බන්ධ දෙවන සරම්ප රෝගියෙක් තහවුරු වෙයි, සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත්ව සිටින ලෙස දන්වයි.

ඕක්ලන්ඩ් හි උසස් පාසලකට සම්බන්ධ දෙවන සරම්ප රෝගියෙක් තහවුරු වෙයි, සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත්ව සිටින ලෙස දන්වයි.

ඇල්බනි ජ්‍යෙෂ්ඨ උසස් පාසලට සම්බන්ධයක් සමඟ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි දෙවන සරම්ප රෝගය තහවුරු වී ඇත.

නවසීලන්තය සෞඛ්‍ය හා ආර්ථිකය නංවාලීම සඳහා ජාන තාක්ෂණ තහනම අවසන් කරයි
නවසීලන්ත කක්කල් කැස්ස (Whooping Cough) සිද්ධීන් ඉහළ යාමත් සමඟ එන්නත් ලබා ගැනීමට උනන්දු කරවයි
නවසීලන්ත USB හැඩැති කැරවන් එක 2023 TIME හි හොඳම නව නිපැයුම් අතරට

පසුගිය සතියේ එක් සිසුවෙකුට සරම්ප රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමෙන් පසු පාසලේ සියලුම සිසුන් 900 සහ කාර්ය මණ්ඩලය 100 දෙනාට ඉවත්ව සිටින ලෙස දන්වා ඇත. ආසාදිත ශිෂ්‍යයා වසර මට්ටම් සහ පන්ති ගණනාවක් සමඟ මිශ්‍ර වූ අතර, එබැවින් සියලුම සිසුන් සහ කාර්ය මණ්ඩලය close contacts ලෙස සලකනු ලැබීය. දෙවන සරම්ප ආසාදිතයා පළමුවැන්නට සම්බන්ධ වන අතර විදේශයන්හි සිට ආපසු පැමිණි ගෘහස්ථ සම්බන්ධතාවක් මගින් ආසාදනය විය. ආසාධිත පුද්ගලයා අප්‍රේල් 20 වැනි දින සංචාරය කළ ඇල්බනි හි Chemist Warehouse උනන්දුවක් දක්වන ස්ථානයක් ලෙස(location of interest) හඳුනාගෙන ඇත. කාර්ය මණ්ඩලය සහ ප්‍රතිශක්තිය නොමැති සිසුන් නිවසේ රැඳී සිටිය යුතු අතර පාසල වසා දමනු ලැබේ.
පාසලේ ප්‍රතිශක්තිකරණ වාර්තා පෙන්නුම් කළේ සිසුන්ගෙන් “ඉහළ ප්‍රතිශතයකට” යම් මට්ටමක ප්‍රතිශක්තියක් ඇති බවයි. සිසුන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් MMR එන්නත මාත්‍රාවක් හෝ දෙකක් ලබාගෙන ඇති අතර කාර්ය මණ්ඩල ප්‍රතිශක්තිය පරීක්ෂා කරනු ලැබේ. MMR එන්නතෙහි මාත්‍රා දෙක සඳහා සුදුසුකම් ඇති ඕනෑම අයෙක් හැකි ඉක්මනින් ඒවා ලබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

Share this:
error: Content is protected !!
×