මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය මිනිසාට අවදානම් අන්දමින් පවතින බව සඳහන් වන අතර එය ඇම්බර් තත්ත්වයේ පවතියි.
එමෙන්ම තාප දර්ශකයට අනුව මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “Caution” මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තාප දර්ශක ගණනය කරනු ලබන්නේ සාපේක්ෂ ආර්දතාවය සහ උපරිම උෂ්ණත්වය භාවිතා කිරීම මගින් වන අතර මෙය මිනිස් ශරීරයට දැනෙන තත්ත්වය ලෙසද ආසන්න වශයෙන් හැදින්වීමට හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කාල සීමාව සඳහා සහ ගෝලීය සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි ආකෘති දත්ත භාවිතයෙන් සකස් කර ඇත.
මේ දිනවල මහජනතාව විසින් පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මෙලෙස දක්වා ඇත.
- හැකි සෑම විටම සෙවනේ විවේක ගන්න.
- වැඩිහිටියන් සහ රෝගීන් පරීක්ෂා කරන්න.
- කිසිවිටෙකත් දරුවන් නොසැලකිලිමත්ව වාහන තුළ නොතබන්න.
- වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන්න, සෙවන සොයා ගන්න සහ නිතරම ජලය පානය කරන්න.
- සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින්න.
බස්නාහිර, වයඹ, උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සමහර ස්ථානවල සහ මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල තාප දර්ශකය.