HomeNewsNew Zealand

නුපුහුණු විදෙස් ශ්‍රමිකයින් රැකියා ලබාගෙන! වෘත්තීය සමිතිවලින් පරික්ෂණයක් ඉල්ලයි

නුපුහුණු විදෙස් ශ්‍රමිකයින් රැකියා ලබාගෙන! වෘත්තීය සමිතිවලින් පරික්ෂණයක් ඉල්ලයි

නුපුහුණු විදෙස් ශ්‍රමිකයන් විසින් නවසීලන්තයේ මස් මාංශ නිෂ්පාදන කර්මාන්තවල රැකියා ලබාගෙන ඇති බවට මස් සේවක සංගමය විසින් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඕක්ලන්ඩ් වරාය පාලම අනතුරුදායකයි.
නවසීලන්තයේ Te Papa කෞතුකාගාරය ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ඇතුළුවීමේ ගාස්තුවක් අය කිරීමේ සූදානමක්
Moana 2 චිත්‍රපටය සහ එහි මවුරි භාෂා අනුවාදය එකවර තිරගත වේ

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ශ්‍රමිකයන් විසින් සිය සුදුසුකම් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා විය හැකි බවට සැකයක් මතුව ඇති බැවින් ඒ සඳහා පරික්ෂණයක් සිදුකරන ලෙසයි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ Alliance Group හී Lorneville හී මස් සැකසුම් ආයතනයේ සේවකයින් පිරිසක් බවට වාර්තා වන අතර Alliance Group විසින් වෘත්තීය සමිති චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ අදාළ සියලු සේවකයින් විසින් නවසීලන්තයේ ආගමන විගමන සඳහා අවශ්‍ය මූලික කුසලතා සපුරා ඇති බවයි.

මේ පිළිබඳව මාධ්‍ය විසින් නවසීලන්තයේ ආගමන විගමන අංශයෙන්ද විමසීමක් කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ විදේශ ශ්‍රමියකයන්ගේ කුසලතා සේවා යෝජකයා විසින් තීරණය කරන දෙයක් බවත් Lorneville හී මස් සැකසුම් ආයතනයේ නුපුහුණු ශ්‍රමිකයන් පිළිබඳව කිසිදු පැමිණිල්ලක් නොලැබී ඇති බවයි.

කෙසේ වෙතත් වෘත්තීය සංගමය විසින් චෝදනා කරන්නේ අදාළ සේවකයින්ට මස් සැකසුම් සඳහා ගන්න පිහි පිළිබඳව හෝ කිසිදු අවබෝධයක් නොමැති බවටයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×