HomeNewsNew Zealand

කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

අද උදෑසන 10ට පමණ අදාළ පුද්ගලයා විසින් ගිනි අවියක් රැගෙන Henderson Valley හී ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලකෑමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ දී ප

වැඩි වැටුප් සහ අඩු ජීවන වියදම් බලා ඕස්ට්‍රේලියාවට යන කිවියන්
නවසීලන්තයේ රජය ද්විතීයික ගුරුවරුන් සඳහා 14.5% කින් වැටුප් වැඩිකරයි.
නවසීලන්තයේ ගුවන් සේවා කර්මාන්තය දැඩි ගුවන් නියමු හිඟයකට මුහුණ දෙයි

අද උදෑසන 10ට පමණ අදාළ පුද්ගලයා විසින් ගිනි අවියක් රැගෙන Henderson Valley හී ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලකෑමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලීසිය විසින් ඔහුට ගිනි අවිය බිම දමා යටත් වෙන ලෙස පවසා තිබුණත් සැකකරු එයට ප්‍රතිචාර ‍නොදැක්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් සැකකරු වෙත වෙඩි තැබීමක් සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයන් තුවාල ලැබූ සැකකරු පසුව ඕක්ලන්ඩ් රෝහලට ඇතුළත් කොට තිබූ අතර, ඔහුට සැත්කමක් ද සිදුකොට තිබුණා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පසුව මිය ගිය බවයි නවසීලන්ත පොලීසිය පවසා සිටියේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.

මේ සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් නවසීලන්ත පොලීසිය පවසා සිටියා.

The post කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට appeared first on SriLankaNZ-TV.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×