ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක් පනවා ඇත. දේශීය තරගයක් අතරමග හැර ILT20 තරගාවලිය සඳහා එක්සත් අ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක් පනවා ඇත. දේශීය තරගයක් අතරමග හැර ILT20 තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාම මෙම දඩය පැනවීමට හේතු වී තිබේ.
දසුන් ශානක දේශීය Major League තරගාවලියේ SSC කණ්ඩායම නියෝජනය කරමින් Moors ක්‍රීඩා සමාජය සමඟ තරගයේ පළමු දින දෙක සහභාගී වී ඇත. පිතිකරණයේදී තුවාලයක් ලැබ දින තුනක විවේකයක් නිර්දේශ කර තිබියදී, ඔහු ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ILT20 තරගාවලියට සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇති මෙම දඩ මුදල පෙබරවාරි 28 වන දිනට පෙර ගෙවිය යුතු බව දන්වා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීම මෙම දඩය පැනවීමට හේතු වී තිබේ.