අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම T20 පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම T20 පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
ඉන්දියාවේ රෝහිත් ෂර්මාට එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ Travis Head, එංගලන්තයේ Phill Salt, පාකිස්තානයේ Babar Azzam, බටහිර ඉන්දීය කොදෙව් හි Nicholas Pooran, ඇෆ්ගනිස්තානයේ Rasheed Khan, සිම්බාබ්වේහි Sikhandar Raaza ද කණ්ඩායමට ඇතුළත් වේ.
මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම T20 කාන්තා කණ්ඩායම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද නම් කර තිබේ.
ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර ඇත.
එසේම ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම එක්දින කාන්තා කණ්ඩායමට නම් කර තිබිණි.