HomeNewsSri Lankan News

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළුතරට

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළුතරට

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන

නවසීලන්තයේ රජය ද්විතීයික ගුරුවරුන් සඳහා 14.5% කින් වැටුප් වැඩිකරයි.
2024 නොබෙල් ත්‍යාග ලාභීන් නම් කෙරේ
නවසීලන්තයේ ශීත ඍතුවේ රිය පැදවීමේ උපදෙස්…

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටස් 02 ක් එම විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීමට අදාල යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.

තවද 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජූලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා කළුතර ශික්ෂණ රෝහල හා ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල යොදා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

එහෙත්, එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ රෝග විවිධත්වය ප්‍රමාණවත් නොවීම රෝහල් කාර්ය මණ්ඩලයේ 201 විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික මහාචාර්ය ඒකක පුහුණුවීම් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල භාවිත කිරීම ගැටලු සහගත බව පෙනී ගොස් තිබෙයි.

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය තුමිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය; සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share this:
error: Content is protected !!
×