ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් Top 10 අතරට තේරී පත් වූ මේඝ සූරියආරච්චි හට මේවන විටත් Hollywood ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා
ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් Top 10 අතරට තේරී පත් වූ මේඝ සූරියආරච්චි හට මේවන විටත් Hollywood ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා වියට්නාමයේ පැවැති Mister World තරඟාවලියට එක්ව ඉකුත් 26 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපළින් උපන්බිම ලංකාව වෙත ඔහු පැමිණියේය.
ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තරගාවලියේදී මෙරට කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වූ මේඝ සූරියආරච්චි මෙවර ලෝක Mister World තරගාවලියට ඉදිරිපත් වී තිබුණි.
ශ්‍රී ලංකාව මෙවැනි තරගාවලියකදී අවසන් 10 අතරට තේරී පත්වීම ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය බව මේඝ කටුනායක ගුවන්තොටුපොළේදී පැවසීය. මීට අමතරව මේ තරගාවලියේදී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානයත්, මේ තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසාදය හිමිකර ගත් තරුණයාට හිමි සම්මානයත් දිනා ගත් මේඝ සූරියආරච්චි ආසියාවේ කඩවසම් තරුණයන් අතරින් දෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි.
කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වේ. මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ඔහුයි.
දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි. ” Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝයි.