HomeNewsSri Lankan News

Mister World තරඟයේ කැපීපෙණුන අපේ “මේඝ“

Mister World තරඟයේ කැපීපෙණුන අපේ “මේඝ“

ලෝක රූ රැජන තරගයට සමගාමීව පවත්වනු ලබන Mister World තරගයේ කිරුළ දිනා ගැනීමට Puerto Rico රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිර

දසබල සේනා කැඳවයි…
ග්‍රීසියේ නාවික යාත්‍රාවක් ගිලීයාමෙන් 79ක් ජීවිතක්ෂයට පත්වේ.
චමරි අතපත්තු 2023 වසරේ ICC කාන්තා T20I කණ්ඩායමට නායකත්වයට

ලෝක රූ රැජන තරගයට සමගාමීව පවත්වනු ලබන Mister World තරගයේ කිරුළ දිනා ගැනීමට Puerto Rico රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි People’s Choice සම්මානය අත්කර ගැනීමට සමත් විය.

මීට අමතරව ඔහු තරගයේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානයත් දිනාගදිනාගන්නා ලදි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන එම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානයට පාත්‍ර වීමත් සමඟ මේඝ සූරියආරච්චි මෙවර තරගයේ හොඳම 10 දෙනා අතරට එක් විය. Mister World තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු අවසන් 10 දෙනා අතරට එක්වූ පළමු අවස්ථාව වේ. වියට්නාමයේ නෝවා වර්ල්ඩ් මධ්‍යස්ථානයේ පැවති අවසන් තරගයට 60 දෙනකු ඉදිරිපත් වී සිටි බවත්, එහිදී පළමු අනුශූරතාව වියට්නාමයට සහ දෙවැනි අනුශූරතාව ස්පාඤ්ඤයටත්, තුන්වැනි අනුශූරතාව ඇංගෝලාවටත් හිමිවූ බව වාර්තා වේ. 1996 වසරේදී ආරම්භ කළ ‘මිස්ටර් වර්ල්ඩ්‘ තරගය මෙවර පැවැත්වූයේ 11 වැනි වරටය.

Share this:
error: Content is protected !!
×