HomeNewsSri Lankan News

2025 IPL වලට මහීෂ්ට සහ වනිඳුට හොඳ තක්සේරුවක් ඉන්දියාවෙන්

2025 IPL වලට මහීෂ්ට සහ වනිඳුට හොඳ තක්සේරුවක් ඉන්දියාවෙන්

2025 IPL විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ක්‍රීඩක වෙන්දේ­සිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරා­බියේ ජෙඩා­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.මේ

නවසීලන්තය පසුගිය සතිය තුළ COVID-19 රෝගීන් 7,702 ක් සහ මරණ 36 ක්
Twitter වඩාත් නිවැරදි, යාවත්කාලීන තොරතුරු මූලාශ්‍රය වනු ඇති බව නව ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසයි.
ප්‍රංශ ජනපති Emmanuel Macron ශ්‍රී ලංකාවට.

2025 IPL විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ක්‍රීඩක වෙන්දේ­සිය හෙට (24) සහ අනිද්දා (25) දෙදින සවුදි අරා­බියේ ජෙඩා­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

මේ සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී සිටි අතර, ඉන් ක්‍රීඩ­ක­යන් 574ක් ඉදි­රි­පත් කිරී­මට සංවි­ධා­ය­ක­යන් කට­යුතු කර තිබේ. ඒ අනුව වෙන්දේ­සි­යට ඉන්දීය ක්‍රීඩ­ක­යන් 366ක් සහ විදෙස් ක්‍රීඩ­ක­යන් 208ක් ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. මේ ක්‍රීඩ­ක­යන් 574 අතර ජාත්‍ය­න්තර තරග වරම් හිමි කර­ගෙන ඇති ක්‍රීඩ­කයෝ 330ක් (ඉන්දීය 318 හා විදෙස් 12) ද ඇතු­ළත්ව සිටිති. කෙසේ වෙතත් මින් කණ්ඩා­යම් 10ට මිල දී ගත හැක්කේ ක්‍රීඩ­ක­යන් 204ක් පමණි. ඉන් 70ක් විදෙස් ක්‍රීඩ­ක­යන් වනු ඇත.

මෙහිදී ඉහ­ළම වටි­නා­කම සහිත කාණ්ඩය වන ඉන්දීය රුපි­යල් කෝටි 2ක කාණ්ඩ­යට ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­නකු ද ඇතු­ළුව ප්‍රබල ක්‍රීඩ­ක­යන් 81 දෙනකු ඇතු­ළත් වන අතර, ඊට පසු­ගිය තරග වාරයේ කණ්ඩා­යම් මෙහෙ­යවූ රිෂාබ් පාන්ට් (දිල්ලි), ලෝකේෂ් රාහුල් (ලක්නව්) සහ ශ්‍රේයාස් අයි­යර් (කොල්කටා) ද ඇතු­ළත්වී සිටිති. මේ අතර පසු­ගිය වසර 10ක කාල­යේදී කිසිදු විස්සයි20 තර­ග­ය­කට ක්‍රීඩා නොකර එංග­ල­න්තයේ ජෙම්ස් ඇන්ඩ­ර්සන් ද කෝටි 1.25ක මූලික වටි­නා­ක­මක් යටතේ ලියා­ප­දිංචි වී සිටීම විශේ­ෂ­ත්ව­යකි.

මේ අතර මේ වෙන්දේ­සිය සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩ­ක­යන් 29 දෙනකු ලියා­ප­දිංචි වී සිටි අතර, ඉන් අව­ස්ථාව ලැබී ඇත්තේ ක්‍රීඩ­ක­යන් 19 දෙන­කුට පමණි. එහි ඉහ­ළම වටි­නා­ක­මක් සහිත කාණ්ඩ­යට දඟ පන්දු යව­න්නන් වන වනිඳු හස­රංග සහ මහීෂ් තීක්ෂණ ඇතු­ළත්ව සිටිති. ඔවුන් දෙදෙනා ඉන්දීය රුපි­යල් කෝටි 2ක මූලික වටි­නා­කම (ආසන්න වශ­යෙන් ශ්‍රී ලංකා රුපි­යල් 69,364,497) යටතේ ඉදි­රි­පත් කෙරෙනු ඇත.

ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 (ශ්‍රී ලංකා රුපි­යල් 26,011,686) මූලික වටි­නා­කම යටතේ ක්‍රීඩ­ක­යන් 15 දෙනකු ඇතු­ළත්ව තිබේ. ඊට විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නුවන් තුෂාර , භානුක රාජ­පක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, චරිත් අස­ලංක, දුනිත් වෙල්ලා­ලගේ, ඩිල්ෂාන් මධු­ශංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක සහ ළහිරු කුමාර ඉදි­රි­පත් කරන අතර, ඒෂාන් මාලිංග සහ දුමිඳු සෙව්මිණ ඉන්දීය රුපි­යල් ලක්ෂ 30 කාණ්ඩ­යට ඇතු­ළත්ව සිටිති.

මේ වෙන්දේ­සි­යට ඉදි­රි­පත් නොකර ක්‍රීඩ­ක­යන් රඳවා ගැනී­මට කණ්ඩා­ය­ම්ව­ලට අව­ස්ථාව දී තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා­වෙන් අව­ස්ථාව හිමි වූයේ මතීෂ පති­ර­ණට පමණි. ඔහු චෙන්නායි පිල විසින් ඉන්දීය රුපි­යල් කෝටි 13 මුද­ල­ක­ට රඳ­වා­ගෙන තිබිණි. (ආසන්න වශ­යෙන් ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 45ක්)

මේ අතර ලබන වසරේ අයි­පී­එල් තර­ගා­ව­ලිය මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 25 වැනිදා දක්වා පැවැ­ත්වෙනු ඇත. ඊට ඇතු­ළත් තරග සංඛ්‍යාව 74කි.

Share this:
error: Content is protected !!
×