HomeNewsSri Lankan News

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය.ජාත්‍යන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට
ලංකාව යෝජනා කළ බදු සංශෝධන IMF විසින් සමාලෝචනය කිරීමට නියමිතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය.

මෙම වසරේ ජූනි මාසයේදී IMF විසින් සමාලෝචනය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කරන ලදී. එම පිරිස 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

Share this:
error: Content is protected !!
×