HomeNewsSri Lankan News

නව පාර්ලිමේන්තුව 21වන දා රැස්වේ…

නව පාර්ලිමේන්තුව 21වන දා රැස්වේ…

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍

මෙවර මහ මැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ශේපිත හිටපු මැති අමතිවරු
10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ඇරඹේ
උතුරත් දකුණත් යා වූ විශිෂ්ට මහ මැතිවරණ ජයක් NPPයට

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.

පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භ වන මෙදින සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත පැවරෙන අතර පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන පැනවීමේ පිළිවෙළක් නැත. පළමු දිනයේදී රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.

සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් පළමුව ප්‍රකාශයට පත් කරයි.

ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙළින් කථානායකවරයා ඡන්දයෙන් පත් කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයකු පත් කළ හැකි වුවද කිසියම් මන්ත්‍රීවරයකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම ‍ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ. මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නාමයෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්ලාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.

ඉන්පසුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන්පසුවය.

Share this:
error: Content is protected !!
×