HomeNewsSri Lankan News

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අග්‍රාමාත්‍ය ලේකම් හමුවේ

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අග්‍රාමාත්‍ය ලේකම් හමුවේ

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

නවසීලන්තයේ සිට අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීමට ඇමරිකානු සමාගමක් සූදානම්…
සියදිවි නසා ගැනීමක් හේතුවෙන් Disney තරුව Coco Lee මිය යයි.
නවසීලන්ත විදුලිබල වෙළඳපොළ සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කරයි

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අතර හමුවක් ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැනි ක්‍රියා මාර්ග හරහා ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මෙහිදී අවධාරණය කළේය.

ආර්ථික සහයෝගීතාව වර්ධනය සඳහා නව මාවත් විවර කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මඟින් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවධානය යොමු විය.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් (දේශපාලන) ටොම් සෝපර් (Tom Soper), FCDO ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක බෙන් පවිස් (Ben Powis) යන මහත්වරුන් සහ නිලධාරින් පිරිසක් සහභාගි විය.

Share this:
error: Content is protected !!
×