HomeSports

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක වාර්තාවක් බිඳ හෙළයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක වාර්තාවක් බිඳ හෙළයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරඟයක පවර්ප්ලේ අවස්ථාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම සුවිශේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක්…
ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි ස්ථානයට පත්වෙයි.
කිවි ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වලින් පිරුණු ගිම්හානයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරඟයක පවර්ප්ලේ අවස්ථාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය සිදුවූයේ ඔවුන් ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පළමු T20 තරඟයේදීය.

වාර්තාගත ක්‍රීඩා දක්ෂතාවය පෙන්වමින්, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුල් පන්දුවාර හය තුළදී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 113ක් රැස් කළේය. මෙය T20 ජාත්‍යන්තර තරඟයක පවර්ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.

ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ කණ්ඩායම් නායක මිචෙල් මාෂ් මෙම සුවිශේෂී වාර්තාව තැබීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන් හයවන පන්දුවාරයේ තෙවන පන්දුවේදී පෙර පැවති වාර්තාව අභිභවා ගියහ.

මෙය ජාත්‍යන්තර T20 තරඟයකදී කණ්ඩායමක් පවර්ප්ලේ අවස්ථාවේදී ලකුණු සියයේ සීමාව ඉක්මවූ දෙවන අවස්ථාව ලෙසද වාර්තා වේ. මීට පෙර 2023 වසරේදී දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක්වත් නොදැවී ලකුණු 102ක් ලබාගනිමින් තැබූ වාර්තාව ඔස්ට්‍රේලියාව මෙලෙස අභිභවා ගොස් තිබේ.

මෙම තරඟයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත ඕවර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 154ක් රැස් කළේය. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 9යි පන්දු 4ක් වැනි කෙටි කාලයකදී කඩුලු තුනක් පමණක් අහිමි කරගනිමින් ජය සනිටුහන් කළේය.

Share this:
error: Content is protected !!