නවසීලන්ත රජය තරුණයින්ගේ vapes භාවිතය කිරීම අත්හැරීම දිරිමත් කිරීමට පියවර ගනිමින් සිටී. ඒ අනුව ඔවුන්ට ලබා ගැනීමට ඉතා පහසු සහ මිල අධික නොවන එක් වරක් භා
නවසීලන්ත රජය තරුණයින්ගේ vapes භාවිතය කිරීම අත්හැරීම දිරිමත් කිරීමට පියවර ගනිමින් සිටී. ඒ අනුව ඔවුන්ට ලබා ගැනීමට ඉතා පහසු සහ මිල අධික නොවන එක් වරක් භාවිත කරන vapes තහනම් කිරීමට තීරණය කර ඇත. මෙමගින් vapes වෙත තරුණ දරුවන් ආකර්ෂණය අවම කිරීමට බලාපොරොත්තු වේ. නව නීති වලට අනුව, වෙළඳසැලක්, අවුරුදු 18ට අඩු ඕනෑම කෙනෙකුට vapes අලෙවි කරන්නේ නම්, ඔවුන්ට ඩොලර් 100,000 දක්වා විශාල දඩයකට යටත් විය හැකිය. එසේම vapes විකිනීමට අවසර ඇති වෙළඳසැල් දැඩි නීති රීති අනුගමනය කරමින් නිරන්තර පරික්ෂාවට ලක් කිරීමට ද රජය සැලසුම් කරයි. ළමයින් ආකර්ෂණය කර ගත හැකි vape පැකේජවල විවිධ රසයන් සහ පින්තූර ද නව නීතිප්‍රකාරව තහනම් වනු ඇත. මේ සියල්ල දුම්පානය බොහෝ සෙයින් අඩු කර සියලු දෙනා නිරෝගීව තබා ගැනීමේ විශාල සැලැස්මක කොටසකි. තත්වය පිලිබඳ බොහෝ දෙනෙක් ධනාත්මක ප්‍රතිචාර දැක්වුවත්, Taxpayers’ Union පවසන්නේ මේ vapes තහනම් කිරීම නැවත වරක් දුම්පානයට ජනයා යොමු කිරීමට මුල් වියහැකි බවයි.