HomeGeneral

ශ්‍රී ලංකා රජයේ රෝහල්වල දිනෙන් දින අඩපනවන MRI සහ CT සේවාවන්

ශ්‍රී ලංකා රජයේ රෝහල්වල දිනෙන් දින අඩපනවන MRI සහ CT සේවාවන්

ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල් වල CT, MRI, PET, X Ray ස්කෑන් පරීක්ෂණ සේවා නතර වීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මාධ්‍යට පැවසීය. රට තුළ සිටින විකිරණ තාක්ෂණවේදීන්ගේ අනුමත නිලධාරීන් සංඛ්‍යාවෙන් 40% ට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක හිඟයක් මේ වන විටත් පවතින අතර ඒ හිඟය පවතිද්දීත් තවත් නිලධාරීන් විදේශගතවීමද ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබේම පින්තූරය සහිත මුද්දරයක් …
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරිට ඉහළම සම්මානයක්
දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල

සෞඛ්‍ය අමාත්‍යාංශයට නවක නිලධාරීන් බඳවාගැනීම අවශ්‍ය පියවර ක්‍රියාත්මක කර නොමැති බවද සභාපති චානක ධර්මවික්‍රම පැවසීය. මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ බොහොමයක් රෝහල් වල CT, MRI, PET, X Ray පරීක්ෂණ, ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ ආදී විකිරණ තාක්ෂණවේදීන් විසින් සිදුකරන සේවාවන් බිදවැටෙනු ඇත. මෙම බලපෑමට දැනටමත් මුහුණපා ඇති රෝහල ලෙස ඇහැලියගොඩ රෝහල පෙන්වාදිය හැකියි. එහි සිටි එකම නිලධාරිනිය විදෙස්ගතවීම නිසා එම රෝහලේ විකිරණ පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම බිදවැටී ඇත.

මේ නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, රත්නපුර, යාපනය, කුරුණෑගල, රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, පොලොන්නරුව, පුත්තලම ආදී වූ රෝහල් වලට දැඩි බලපෑමක් ඇති වීමට ඉඩ ඇත.

මෙම සේවා බිදවැටීම් තුළ රෝග හදුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාද වන අතර ඒ නිසා සැත්කම් සහ ප්‍රතිකාර සේවාවන් දැඩි ලෙස අඩාල වීමේ බරපතල තත්වයක් උදාවෙයි.

Share this:
error: Content is protected !!
×