ඕස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන් හට වැදගත් වන තීන්දුවක් පසුගියදා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දී තිබෙනවා.ඒ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්
ඕස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන් හට වැදගත් වන තීන්දුවක් පසුගියදා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දී තිබෙනවා.
ඒ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා අයදුම්පත්‍රයක ඇති දෝෂයක් සම්බන්ධයෙන් අයදුම්කරුවන්ට අසාධාරනයක් වන බව අධිකරණය තීරණය කිරීමත් සමඟයි.
ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම් කිරීමේදී එම අයදුම්පත ප්‍රතික්ෂේපවුවහොත් හෝ වීසා කල් ඉකුත්වීමකදී හෝ එසේ වූ බවට එවන ලිපිය සම්බන්ධව (AAT) Administrative Appeal Tribunal එකට නැවත ඉල්ලුම් කිරීමේදී ඒ සඳහා වන නිෂ්චිත කාලවකවානුවක් සඳහන් වේ.
නමුත් එම අයදුම්කරුගේ වීසා ප්‍රතික්ෂේපිත ලිපිය ආගමන නීතීඥවරයා හෝ ඒජන්සියකට ලැබෙන අවස්ථාවලදී,
නැවත අයදුම් කිරීම සඳහා නිෂ්චිත දින වකවානු පැහැදිලි කොට නැත.
ඒ පිළිබඳව Australia Fedaral අධිකරණය වීසා අයදුම්කරුට අවාසියක් සිදුවී ඇති බව සලකා,
දැනට පවතින කාල වකවානුව සහිත ලියවිල්ල අවලංගු බව තීරණය කර ඇත.
ඒ අනුව පවතින තත්වය යටතේ වීසා ප්‍රතික්ෂේපවීමකට හෝ අවලංගුවීමකට ලක්ව ඇති අයට නැවත AAT එකට අභියාචනයක් කළ හැකි බව නීතීඥ Noeline Smart පවසයි.