එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට අනුව, කැනේඩියානු P-3 ගුවන් යානයකට ශබ්දය ඇසුණු අතර එය එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂඥයින් විශ්ලේෂණය කරයි.“ROV [දුරස
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට අනුව, කැනේඩියානු P-3 ගුවන් යානයකට ශබ්දය ඇසුණු අතර එය එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂඥයින් විශ්ලේෂණය කරයි.
“ROV [දුරස්ථව ක්‍රියාත්මක වන වාහන] සෙවීම් ඍණාත්මක ප්‍රතිඵල ලබා දී ඇති නමුත් දිගටම විමර්ශන කටයුතු පවතිනවා,” වෙරළාරක්ෂක බලකාය twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් ජනපද රජයේ අභ්‍යන්තර සංදේශයකට අනුව, අඟහරුවාදා මිනිත්තු 30 ක කාල පරතරයකින් පිපිරීමක් ඇසී ඇත.
පැය හතරකට පසුව ද ශබ්ද ඇසෙන්නට විය.
එමෙන්ම ඉරිදා දින සුන්බුන් දෙසට කිමිදීමට පැයකුත් විනාඩි 45 ක් හෝ අඩකට වඩා වැඩි කාලයක් ගත වන විට යාත්‍රාවේ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇත.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට අනුව, ඔවුන් සතුව ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැය 30 කට වඩා අඩු කාලයකි.
අඟහරුවාදා මෙහෙයුම් වැඩිදියුණු වී ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළ ද ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වයන් ද පවතී.
මේ වන විට වර්ග කිලෝමීටර 1,970ක ප්‍රදේශයක් ආවරණය කර ඇති අතර එය එක්සත් ජනපදයේ Connecticut ප්‍රාන්තයට වඩා විශාලය.
නැවේ සිටි පස්දෙනා වන්නේ,
බ්‍රිතාන්‍ය ව්‍යාපාරික Hamish Harding,
බ්‍රිතාන්‍ය-පකිස්තාන ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ පුත් Suleman,
ප්‍රංශ ගවේෂක Paul-Henry Nargeolet සහ ඕෂන්ගේට් හි ප්‍රධාන විධායක Stockton Rush ය.
එක්සත් ජනපදයේ Massachusetts හි බොස්ටන් නගරයේ සිට ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ මෙහෙයුමට,
එක්සත් ජනපද සහ කැනේඩියානු නියෝජිතායතන, නාවික සහ වාණිජ ගැඹුරු මුහුදේ සමාගම් සියල්ලෝම උදව් කරති.