ලොව විශාලතම සහ බරම වකුගඩු ගල (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම බ්‍රහස්පතින්දා (ජුනි 1) කොළඹ යුද හමුදා රෝහලේ දී සිදුකෙරින.මෙය Guinness
ලොව විශාලතම සහ බරම වකුගඩු ගල (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම බ්‍රහස්පතින්දා (ජුනි 1) කොළඹ යුද හමුදා රෝහලේ දී සිදුකෙරින.
මෙය Guinness වාර්තා අතරට එක් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොළඹ යුධ හමුදා රෝහලේ Genito මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන් මහතා වේ.
එමෙන්ම කපිතාන් (වෛද්‍ය) W.P.S.C පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක සමඟ එක්ව මෙම ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.
ශල්‍යකර්මයේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් (ආචාර්ය) U.A.L.D පෙරේරා සහ කර්නල් (ආචාර්ය) C.S අබේසිංහ ද දායක වූහ.
යුධ හමුදා වෛද්‍යවරුන් විසින් ජූනි 1වන දා කොළඹ යුධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.
ශල්‍යකර්මය සිදු කළේ කොළඹ යුධ හමුදා රෝහලේ Genito මුත්‍රා අංශයේ ප්‍රධානී K. සුතාර්ෂන් මහතාවේ.
දැනට පවතින ගිනස් වාර්තාවට අනුව ලොව විශාලතම වකුගඩු ගල (2004 ඉන්දියාව) සෙන්ටිමීටර 13 ක් වේ.
බරින් වැඩිම වකුගඩු ගල 2008 පකිස්ථානයෙන් වාර්තා වූ අතර එය ග්‍රෑම් 620 කි.