Lesly Jacobombaire Mucutuy(13), Soleiny Jacobombaire Mucutuy(9), Tien Ranoque Mucutuy(4) සහ ළදරු Cristin Ranoque Mucutuy මැයි 1 වන දින මාරාන්තික ගු
Lesly Jacobombaire Mucutuy(13), Soleiny Jacobombaire Mucutuy(9), Tien Ranoque Mucutuy(4) සහ ළදරු Cristin Ranoque Mucutuy මැයි 1 වන දින මාරාන්තික ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් අතර වනයේ අතරමං විය.
කුඩා දරුවන් හතර දෙනා මාසයකට වැඩි කාලයක් Amazon වනාන්තරයේ සැරිසැරීමෙන් පසු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇත.
ඔවුන් අතුරුදහන් වී දින 40 කට පසුව ඔවුන් සොයා ගෙන ඇත.
කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රීතිමත් පණිවිඩය රටටම හෙළිකරන ලදි.
ආරක්ෂක අමාත්‍ය Ivan Velasquez පවසන පරිදි ළමුන් අගනුවර වන Bogota හි වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරයි.
ළමුන් සියලු දෙනාට ආහාර,වෛද්‍ය පහසුකම් හා මානසික තත්වය යහපත් බවට තක්සේරුවක් අවශ්‍ය බවත් ජනාධිපති කියා සිටී.
ළමුන්ගේ මව සහ තවත් වැඩිහිටි මගීන් දෙදෙනෙකු මෙම අනතුරින් මිය ගොස් ඇත.
මේ සඳහා කොලොම්බියානු විශේෂ බලකා භටයන් 100 අධික සංඛ්‍යාවක් සහ ස්වදේශික බාලදක්ෂයින් 70 කට අධික සංඛ්‍යාවක් සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.