HomeNews

ධාරානිපාත වැසි හේතුවෙන් හයිටියේ ජනතාව පීඩාවට පත්ව ඇත.

ධාරානිපාත වැසි හේතුවෙන් හයිටියේ ජනතාව පීඩාවට පත්ව ඇත.

ධාරානිපාත වැසි හේතුවෙන් හයිටියේ ජනතාව පීඩාවට පත්ව ඇත.

සති අන්තයේ ධාරානිපාත වැසි හේතුවෙන් පැතිරුනු ගංවතුර තත්වය නිසා හයිටියේ අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මියගොස් ඇති බව ආපදා බලධාරීහු පවසති.තවත් පු

ශ්‍රී ලංකා රජය විසින් නෙළුම් කුළුණේ නම වෙනස් කිරීමට සැරසෙයි
Ruapehu ස්කී සමය නවසීලන්ත රජයේ සහයෝගය ඇතිව මෙම ශීත සෘතුවේ ක්‍රියත්මක වෙයි
ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය දිවිසැරිය නිම කරයි..

සති අන්තයේ ධාරානිපාත වැසි හේතුවෙන් පැතිරුනු ගංවතුර තත්වය නිසා හයිටියේ අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මියගොස් ඇති බව ආපදා බලධාරීහු පවසති.

තවත් පුද්ගලයන් 11 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර 13,000කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලට හානි වීමෙන් අවතැන්ව සිටිති.

දරුණුතම බලපෑමට ලක්වූ නගරය වන්නේ Port-au-Prince අගනුවරට නිරිත දෙසින් පිහිටි  Léogâne නගරයයි, එහිදී ගංගා තුනක ඉවුරු බිඳී ඇත.

මේ හේතුවෙන් විශාල ව්‍යසනයක් සිදුවී ඇත.

Léogâne නගරාධිපති Ernson Henry පැවසුවේ නගර වැසියන් අවතැන් වී ඇති බවයි.

“ඔවුන්ට සියල්ල අහිමි වී ඇත. ජලය ඔවුන්ගේ කෙත්වතු විනාශ කර ඇත, ඔවුන්ගේ පශු සම්පත් සේදී ගොස් ඇත,” ඔහු AFP පුවත් ඒජන්සියට පැවසීය.

මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.

අගමැති Ariel Henry පැවසුවේ රජය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ව්‍යසනයට මුහුණ දීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.

එමෙන්ම ලෝක ආහාර වැඩසටහන අවතැන් වූවන්ට උණුසුම් ආහාර සැපයීම ආරම්භ කිරීමට නියමිතයි.

විනාශකාරී භූමිකම්පා කිහිපයකින් රටේ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇත.

බොහෝ ප්‍රදේශ පාලනය කරන අපරාධ කල්ලි සමඟ හයිටියේ පවතින ගැටලුව නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් වඩාත් අපහසු වේ.

Share this:
error: Content is protected !!