2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2023 මැයි සංචාරකයින්ගේ පැමිණීම වර්ධනයක් පෙන්නුම කරයි. එමෙන්ම මේවන විට සමස්ත සංචාරක පැමිණීම 500,000ක සීමාවට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් පවසා තිබෙනවා.
එමෙන්ම ඔවුන් ගේ දත්ත වලට අනුව මැයි මස 21 දක්වා සංචාරකයින් 57,142 පැමිණ තිබෙනවා. මැයි මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 15,052කි. ඊට අමතරව ජර්මනිය 5,318ද, රුසියාවෙන් 5,273ද, ඊට අමතරව වැඩි පිරිසක් පැමිණි රටවල් ලෙස එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය සහ මාලදිවයින දැක්විය හැකි අතර 13,578 දෙනෙකු අනෙකුත් රටවල් වලින් පැමිණ ඇත.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න