HomeFeatures

2023 පුලිට්සර් ත්‍යාගයට ශ්‍රී ලාංකික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු නිර්දේශ වේ.

2023 පුලිට්සර් ත්‍යාගයට ශ්‍රී ලාංකික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු නිර්දේශ වේ.

ලොව විශිෂ්ඨතම මුද්‍රිත මාධ්‍යකරුවන්ට ලබාදෙන ගෞරවනීය ත්‍යාගයක් වන පුලිට්සර් ත්‍යාගය (The Pulitzer Prize) ලැබීමට ශ්‍රී ලාංකික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු

ඕස්ට්‍රේලියාවේ, ජූලි සිට Temporary Graduate වීසා වලට වෙනසක්…
නවසීලන්ත රජයේ පාසැල් වලට මුදල් ගෙවන්න ඕනෙද?
නවසීලන්තය: තවමත් ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාවන් සහිත රටක්… : ප්‍රසාද් පෙරේරා

ලොව විශිෂ්ඨතම මුද්‍රිත මාධ්‍යකරුවන්ට ලබාදෙන ගෞරවනීය ත්‍යාගයක් වන පුලිට්සර් ත්‍යාගය (The Pulitzer Prize) ලැබීමට ශ්‍රී ලාංකික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන සමත්ව තිබෙනවා. ඒ පුලිට්සර් ත්‍යාගයේ උණුසුම් පුවත් කාණ්ඩයේ (Breaking News) දෙවන ස්ථානය සමව හිමි කර ගැනීමත් සමගයි. ඔහු මේවනවිට  Associated Press (AP) ආයතනයේ  ශ්‍රී ලංකාව සහ මාලදිවයින් පුවත් ආවරණයේ නිරතවෙමින් සිටී.

පුලිට්සර් ත්‍යාගය ආරම්භ වූයේ, 1917 වසරේදී ය. ඒ,ඇමෙරිකාවේ ගෞරවණීය පුවත්පත් ප්‍රකාශකයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ජෝසෆ් පුලිට්සර්ගේ ප්‍රතිපාදනවලිනි. මෙම ත්‍යාගය කාණ්ඩ 21ක් යටතේ මුද්‍රිත මාධ්‍යකරණය, සාහිත්‍යය සහ සංගීත සංයෝජන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් සඳහා වාර්ෂිකව පිරිනමනු ලබන අතර අදාළ එක් ත්‍යාගයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 15,000කි. එරංග ජයවර්ධන ගෞරවයට පාත්‍ර වූ උණුසුම් පුවත් කාණ්ඩයේ ත්‍යාග ලාභියා ලෙස නම් කර ඇත්තේ, ඔහු සේවය කරන ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේම ඡායාරූප කාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ ඡායාරූප ගොන්නකි. ඒ අතර යුක්‍රේන යුද්ධයේ පළමු සතියේදී සිදුවූ පහරදීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප වේ. දෙවන ස්ථානය (FINALISTS) සඳහා ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ එරංග ජයවර්ධන සහ ඉන්දියාවේ රෆීක් මක්බූල් නම් කර ඇත.

පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබු, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප අතරින් එකක්

පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඉහත ඡායාරූප කිහිපයයි.

Share this:
error: Content is protected !!
×