HomeNews

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඛාන් අධිකරණයේ පෙනී ස

සුගත් තිලකරත්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන රේස් එකට සූදානම්
නවසීලන්ත අවන්හල්වල “ටිප්” දීමේ සංස්කෘතියක් ඇති කිරීමට යෝජනාවක්
කිවියන්ට UK Working Holiday වීසා ගැන සුභ ආරංචියක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඛාන් අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අතර එය දේශපාලනික අරමුණින් පැවරූ නඩුවක් බව ඔහු පවසයි. විදෙස් මාධ්‍ය වල විකාශය වූ දර්ශනවලින් දැක්වුණේ, පැරාමිලිටරි හමුදා, ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම ඔහු රඳවා ගන්නා ආකාරයයි.

ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට හදිසි මහා මැතිවරණයක් සඳහා ඔහු ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටියේය. ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමෙන් පසු ඔහුට එරෙහිව නඩු ගණනක් පවරා ඇත. පසුගිය නොවැම්බරයේ විරෝධතා පාගමනක් අතුරතුර ඔහුගේ රථ පෙළට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ද ඔහු දිවි ගලවා ගත්තේය.

තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට චෝදනා කිරීමෙන් පසු “පදනම් විරහිත චෝදනා” එල්ල කිරීමට එරෙහිව හමුදාව ඊයේ ඔහුට අනතුරු ඇඟයීමක් කළේය.

Share this:
error: Content is protected !!
×