ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා ලොව පුරා දරුවන් 550කට අධික සංඛ්‍යාවක් බිහිකළ බවට සැක කෙරෙන නෙදර්ලන්ත ජාතිකයෙකුට එය නවත්වන ලෙස අධිකරණ නියෝගයක් නි
ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා ලොව පුරා දරුවන් 550කට අධික සංඛ්‍යාවක් බිහිකළ බවට සැක කෙරෙන නෙදර්ලන්ත ජාතිකයෙකුට එය නවත්වන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. 41 හැවිරිදි ජොනතන් නම් පුද්ගලයා නැවත ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට උත්සාහ කළහොත් ඔහුට යුරෝ 100,000 (පවුම් 88,000) ට වඩා දඩ මුදලක් නියම කළ හැකි බවට එම නියෝගයේ සඳහන්.
2017 දී ඔහු නෙදර්ලන්තයේ සාඵල්‍යතා සායනයට සහභාගිවීමෙන් පසු දරුවන් 100කට වඩා පියෙකු බව අනාවරණය වීම හේතුවෙන් ඔහුට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කරන ලදී. නමුත් ඔහු නොනවත්වා විදේශයන්හි සහ අන්තර්ජාලය හරහා ශුක්‍රාණු පරිත්‍යාග කළ අතර මේ හේතුවෙන් හේග් නුවර අධිකරණයක් ඔහුට දන්වා ඇත්තේ ඔහු මේ සඳහා පෙනී සිටි සියලුම සායනයන්ට අදාළ ලැයිස්තුවක් ලබා දෙන ලෙසත් ඔහුගේ ශුක්‍රාණු විනාශ කරන ලෙසත් ය.
කෙසේ නමුත් නෙදර්ලන්ත සායනික මාර්ගෝපදේශවල සඳහන් වන්නේ පරිත්‍යාගශීලියෙකු පවුල් 12ක දරුවන් 25කට වඩා ශුක්‍රාණු පරිත්‍යාග නොකළ යුතු බවයි. එසේ වුවත් 2007 වසරේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට පටන් ගත් දා සිට මේ පුද්ගලයා දරුවන් 550ත් 600ත් අතර දරුවන් ප්‍රමාණයක් බිහි කිරීමට උදව් කර ඇති බව විනිසුරුවරු ප්‍රකාශ කළහ.
ඔහුව අධිකරණය හමුවට ගෙන එන පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ පරිත්‍යාගශීලීන්ගේ දරුවන්ගේ අයිතීන් සුරකින පදනම් ආයතනයක් සහ ඔහු විසින් පිය පදවිය දරන දරුවකුගේ මවක් විසිනි.