HomeNew Zealand

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට පහසු ජයක්

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට පහසු ජයක්

නවසීලන්තය සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි හිදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයක් අත්විඳීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුණා. ඩැරිල් මිචෙල්

නවසීලන්ත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ඕවරයක දී කඩුලු 6ක්
නවසීලන්ත Woolworths හි ආරක්ෂාව සඳහා ඩොලර් මිලියන 45 ක් ආයෝජනක්
ඕස්ට්‍රේලියාවේ සිටින නවසීලන්ත වැසියන්ට සුභ ආරංචියක්

නවසීලන්තය සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි හිදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයක් අත්විඳීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුණා. ඩැරිල් මිචෙල් ශතකයක් සහ විල් යන්ග් ලකුණු 86ක් රැස් කළ නමුත් නවසීලන්තයේ ලකුණු 288ක ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 5ක් ඉතිරිව තිබියදී සාර්ථකඅ එම ඉලක්කයට ළඟා වුණා. ෆකාර් සමාන් ලකුණු 117ක් සහ බාබර් අසාම් ලකුණු 49ක් පකිස්තාන ඉනිමට දායක කළ අතර හොඳින් ක්‍රීඩා කළ යංග්, ආබාධයකට ලක්ව සිටින කේන් විලියම්සන් වෙනුවට ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝදුරට ඉඩක් ඇත. පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා කඩුලු 2ක් දවාගත් අතර සාර්ථකම පන්දු යවන්නා විය.

Share this:
error: Content is protected !!