පකිස්ථානය සහ නවසීලන්තය අතර රාවල්පින්ඩි හිදී පැවති සිව්වන ඨ්20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළ අතර වර්ෂාව සහ හිම කැට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලදී. මාර්ක් චැප්මන් පන්දු 42කදී ලකුණු 71ක් සහ චැඩ් බෝව්ස් ලකුණු 54ක් රැස් කළේය. තරගය දිගටම පැවැත්වීම සඳහා නියමිත වේලාවට පිටිය සකස් කළ නොහැකි නිසා ක්‍රීඩා කිරීමට නොහැකි බව නිලධාරීන් තීරණය කළහ. අවසන් තරගය ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත අතර පාකිස්තානය මේ වනවිට තරගාවලියේ 2-1ක් ලෙස ඉදිරියෙන් සිටී.
Thick hail in Rawalpindi brings the players from the field with the score 164/5 #PAKvNZ pic.twitter.com/625Z8tMtba
— BLACKCAPS (@BLACKCAPS) April 20, 2023