ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද උදෑසන ආරම්භ වූවා.
ප්‍රථමයෙන් කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර අද දිනය වෙනදා මෙන් නොවූයෙ ශ්‍රී ලංකා කණ්ඩායම උද්වේගකාරී අන්දමින් ක්‍රීඩා කළ අතර එහි මූලාරම්භයක් ලෙස නායක දිමුත් කරුණාරත්න අනර්ඝ හතරේ පහරවල් 7ක් ද සමග ඔහු මුලු ලකුණු 179ක් ලබාගත්තා. ඔහු විසින් නායකත්වය දරන අවසන් තරඟාවලියද මෙය වන අතර මාවන් අතපත්තුගේන් පසු ටෙස්ට් ආරම්භක පිතිකරුවෙක් ලෙස ශතක 15ක් ලබාගත් පළමු වැනි ශ්‍රී ලංකික පිතිකරුවා ලෙස වාර්තා අතරට ඔහු එක්විය.
එමෙන්ම කුසල් මෙන්ඩිස් ද ශතකයක් ලබාගත්තේ හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක්ද සමගයි. තවද දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 18ක්ද ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 12ක්ද ලබා දවස අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 386 ලබාගත්තා.