HomeNewsNew Zealand News

පොදු පිහිනුම් තටාක වැසී යාමේ අවදානමක්

පොදු පිහිනුම් තටාක වැසී යාමේ අවදානමක්

නවසීලන්තයේ ‍පොදු පිහිනුම් තටාක වැසී යාමේ අවදානමක් ඇති තිබෙන බවට වාර්තා වනවා.

නවසීලන්තයට 3වැනි T20 තරඟයෙන් ලකුණු 74ක ජයක්…
ක්‍රිස්ටෝපර් ලක්සන් නවසීලන්තයේ 42 වැනි අගමැති ලෙස දිවුරුම් දෙයි
Christchurch: නවසීලන්තයේ කැපී පෙනෙන නගරයක් ද?

ජීවිතාරක්ෂක නිලධාරීන් ප්‍රමාණවත් තරම් නොසිටීම හේතුවෙන් පිහිනුම් තටාක පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය වසර ගණනාවක් පුරාවටම ඇතිවූ තත්ත්වයක් බවත්, ඒ සඳහා වන බඳවා ගැනීම රටපුරාම ඇරඹී ඇති බව සඳහන් වනවා.

දැනට සිටින නිලධාරීන්ට අමතර පැය ගණනක් සේවය කිරීමට සිදුව තිබීම නිසා ඔවුන්ද අපහසුතාවයට පත්ව තිබෙනවා.

මෙලෙස පොදු පිහිනුම් තටාකවල ජීවිතාරක්ෂක නිලධාරීන් හිඟ වීමට පසුගිය වසංගත සමයද හේතු වූ බව සඳහන් වන අතර බොහෝ දෙනා සිය රැකියාවන් අත්හැර දමා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සමහර පොදු තටාක සඳහා නිලධාරීන් බඳවා ගන්නා තෙක් අර්ධව හෝ සම්පුර්ණයෙන්ම ඒවා වසා දැමීමට සිදුවනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×