HomeNewsNew Zealand

පාර්ලිමේන්තු සේවා ස්මාර්ට් දුරකථනවලින් Tiktok තහනම් කෙරේ

පාර්ලිමේන්තු සේවා ස්මාර්ට් දුරකථනවලින් Tiktok තහනම් කෙරේ

ඒ අනුව මෙම මස අවසානය වන විට පාර්ලිමේන්තු ජාලයට ප්‍රවේශය ඇති සියලුම උපාංගවලින් Tiktok තහනම් කිරීමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. චීන සමාගමක් ව

නවසීලන්තයේ උතුරු දූපතේ 5.9 සහ 5.3 ක ප්‍රබල භූ කම්පන යුගලයක්
නවසීලන්ත අගමැති බකිංහැම් මාලිගයේදී චාල්ස් රජු හමුවෙයි
නවසීලන්ත නගර අතර ඉන්ධන මිල විෂමතා ගැන විමර්ශනයක්

ඒ අනුව මෙම මස අවසානය වන විට පාර්ලිමේන්තු ජාලයට ප්‍රවේශය ඇති සියලුම උපාංගවලින් Tiktok තහනම් කිරීමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

චීන සමාගමක් වන ByteDance සතු මෙම යෙදුම, සයිබර් ආරක්ෂණ ගැටළු මධ්‍යයේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය යන රටවල රජය විසින් නිකුත් කරන ලද උපාංගවල ද තහනම් කර තිබෙනවා.

නවසීලන්ත පාර්ලිමේන්තුවේ සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් මත, පාර්ලිමේන්තු සේවය සාමාජිකයින්ට සහ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තු ජාලයට ප්‍රවේශය ඇති සියලුම උපාංගවලින් TikTok යෙදුම ඉවත් කරන බවත් දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

Tiktok යෙදුම රාජකාරීමය කාරණයකට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා යම් අවසරයක් ලබාදිය හැකි බවත් පාර්ලිමේන්තුව විසින් අදාළ පිරිස් වෙත දැනුම් දී ඇති බවත් සඳහන්.

මෙම තීරණය සම්පුර්ණයෙන්ම විශේෂඥයින්ගේ විශ්ලේෂණය සහ රජය සහ ජාත්‍යන්තරව සිටින පිරිස්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් නවසීලන්ත පාර්ලිමේන්තුවේ කාර්යඅංශ විසින් පවසා තිබෙනවා.

The post පාර්ලිමේන්තු සේවා ස්මාර්ට් දුරකථනවලින් Tiktok තහනම් කෙරේ appeared first on SriLankaNZ-TV.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!
    ×